Life
රෝග නිවාරණයට බෙහෙවින් ඉවහල් වන කෙසෙල්...
කෙසෙල්, රඹ, කදලිය යනුවෙන් හඳුන්වයි. ලංකාවේ වැඩියෙන්ම පරිභෝජනය කරනු ලබන
පලතුරකි. කෙසෙල් එසේම රෝග නිවාරණයටද බෙහෙවින් ඉවහල්වේ. ශ්‍රී ලංකාවේ සෑම
ප්‍රදේශයකම වගාකළ හැකිය. පොළවේ තෙතමනය අවශ්‍ය වේ. කෙසෙල්වලින් ශාරීරික
ශක්තිය සහ ශරරීරයේ වර්ණවත්භාවය ලබාදෙයි. උත්සව අවස්ථාවලදී දානමය
පිංකම්වලදී දෙවිවරුනට භාරහාර කරනු ලබන අවස්ථාවේදී පූජා වට්ටියේද ඉතා
පැහැදිලි දසුනක් වේ. ශරීරයට විටමින් ද ලබාදේ.
එමෙන්ම එක් එක්
කෙසෙල් වර්ගවල ගුණාත්මකභාවයේ ව්‍යහුය වෙනස් ආකාරයට වෙනස්ව පවතී. ශාරීරික
උෂ්ණත්වය අඩුකිරීමද ආහාර දිරවීම පහසු කිරීමටද අම්ලපිත්තය නැතිකිරීමටද ඇතැම්
වර්ගයකින් ශරීරයේ අධික සීනි නැතිකිරීමටද තවත් කෙසෙල් වර්ගයකින් ඇස්පෙනීම
ඇතිකිරීමටද තවත් අවස්ථාවක තවත් වර්ගයකින් මළ වියලවීමටද මහෝපකාරී වේ.
ආයුර්වේදයට ආයුෂ වැඩිකරන විද්‍යාවට සැසදෙන ද්‍රව්‍ය ගුණ විÆනයට ඇතුලත් වේ.
ලංකාවේ
බහුලව කෙසෙල් වගාව සිදුවනුයේ ඇඹිලිපිටිය සූරියවැව, කුංකම, බරවකූඹුක,
අඟුණකොලපැලැස්ස, ජඳුර, පදලංගල හත්පෝරුව, කිරිඉබ්බන්ආර යන ප්රදේශවලය. එම
ප්‍රදේශවල කුඹුරුබිම්වල මෙම කෙසෙල් වගාව සරුවට වගා කරනු දක්නට ලැබේ. එසේම
එම කෙසෙල් වගාවෙන් හොඳ ආදායම් මාර්ගයකටද අවතීර්ණ වී ඇත.
අපේ රටේ අපේම දේශීය පලතුරක්වූ කෙසෙල් වර්ග රාශියක් ඇත. මා මෙහි එකින් එක සඳහන් කර ලියමි.
1. සුවඳැල් - අම්ලපිත්ත රෝගය නසන ඖෂධීය ගුණය ඇත.
2. ආනමාළු - අම්ලපිත්ත රෝගය මර්දනය කිරීමේ ඖෂධීය ගුණය පවතී.
3. ඇම්බුන් - රක්තවාතය සහ අම්ල පිත්ත රෝගය සුවකිරීමට හැකි ඖෂධයකි.
4. කෝලිකුට්ටු (පුවාළු) - අතීසාර රෝග අවස්ථාවේ යෙදිය හැකිය.
5. රත් කෙසෙල් - ශාරීරික දාහය නසන ඖෂධීය ගුණය රදා පවතී.
6. නේත්‍රපලම් - අම්ලපිත්ත රෝගය සුවකරන වකුගඩු ආශ්රිත රෝග සුවකිරීමේ සාධකයකි. ඇස්පෙනීම ඇතිකිරීමේ මහඟු දායාදයකි.
7. හොරන මාළු (ඇඹුල් කෙසෙල්) ඇඹුල් හොරන - මළබුරුල් කිරීමේ හැකියාව සහ ඉක්මනින් ආහාර දිරවීම පහසුකරවීමේ ගුණය රදාපවතී.
8. රට හොරණ - ඉතා මිහිරි රසයෙන් යුතුය.
9. රත් ආනමාළු
10. බිම් කෙසෙල් (නැව් කෙසෙල්)
11. පුවාලු (යාපනේ පුවාලු)
12. මොර්තවාලු
13. හැටඇවරි
14. ගජ දන්ත (වදන කෙසෙල්)
15. අළු කෙසෙල් (වෑංජන සඳහා) ඖෂධීය ගුණය වනුයේ මළ වියලීමේ ප්රවනතාවය
16. දියමෝදන් (මෝදන්) වෑංජන සඳහාත් පලතුරු සඳහාත් ගැනේ.
17 ඇටිකෙසෙල් පලතුරකි.
පැසෙයි නිබඳ සුවඳැල් කෙත් වතු අවට
ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුර ට
දිළෙයි වෙහෙර එහි සුරවිමනක් ලෙස ට
රසෙයි අමා රසමය ඒ පියස දු ට
ඉපැරණි කවියකු ගැමි පරිසරය දැකපු අයුරු සිහිපත් කර කියයි.
සුවඳැල්
වෙළෙඳපොළේ
පුවාළුවලටත් වඩා ඉල්ලුමක් ඇති මිහිරි රසයෙන් යුතු රෝගීනට ඉතාමත් ගුණදෙන
රසවත් පලතුරකි. වෙන කෙසෙල් වර්ග මෙන් සුවඳැල් බෝවීමේ ප්රවනතාවය අඩුය. ඊට
හේතුව සුවදැල් කෙසෙල් ගහේ මොරෙයියන් හට ගැනීම අඩුවීමය. ලංකාවේ සෑම
ප්‍රදේශයකම වැවිය හැකිය. කෙසෙල් කැනද ඇවරි තුන හතරකට වඩා නොමැතිය. කෙසෙල්
කැනක් පිදී පැසීමට එතරම් කාලයක් ගතනොවේ.
ආනමාළු
අම්ලපිත්තය
රෝගයට සහ රක්තවාත රෝගීන්ට මෙම ආනමාළු ඉතා ගුණදායක පලතුරකි. ඇදුම, හතිය
වැළඳුන රෝගීන්ට අනුභව කිරීම අපත්යකරය. රාත්‍රි කාලයේ මෙම කෙසෙල් කෑම
අනුචිතය. ශීත ගුණයෙන් යුතු පොළවේ දියසීරාව තෙතමනය ඇති මාතර
දිස්ත්‍රික්කයේත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ආනමාළු ගස් උසට මහතට සරුවට
වැවේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැව් ආශ්‍රිතව පැරණි පැඟිරි බොයිටර්
වලින් ඉවත් කරන ලද පැඟිරි අළුගොඩවල් මත සිටවන ලද එම ආනමාළු කෙසෙල් පඳුරු
ඉතා සරුවට වැඩී තිබෙනු දැකගත හැකිය.
හොඳින් සරුවට වැඩුණු කෙසෙල්
කැනක ඇවරි දහයක් පහළොහක් දැකගත හැකිය. එක කෙසෙල් කැනක් තනිව කෙනෙකුට
කැපීමට හෝ එසවීමට අපහසු කාරියකි. හොඳට ඉඳුණු ආනමාළු සුවඳවත් වන අතර කැනෙන්
ඇවරිවල ගැලවී වැටෙනු නොවැළැක්විය හැකිය. වෙළෙඳ පොළේ ව්‍යාපාරිකයාට මිලදී
ගැනීමේ පාඩුලැබිය හැකිවන අවස්ථා බොහෝය. ගෙඩි සිsහින්ව අඟල් අටනවය තරමට
දික්ව හැදෙන අතර එක තැනක ගෙඩි දෙතුන් සීයක් පමණ දක්නට ලැබේ.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks